පසේ භෞතික ගුණාංග හා රසායනික ගුණාංග
පසක ගුණාංග දෙයාකාරයකි.
1. භෞතික ගුණාංග
2. රසායනික ගුණාංග
භෞතික ගුණාංග
i.වර්ණය
ii.වයනය
iii.ව්‍යුහය
වර්ණය
මෙහි මූලික අදහස වන්නේ
පසේ වර්ණය අනුව එම පස් වර්ගය කුමක්ද යන්න තීරණය කිරීමයි. වර්ණය සදහා පසේ
රසායනික ද්‍රව්‍ය උපකාරී වේ.
උදා- යම් පසක යකඩ
ප්‍රමාණය වැඩි නම් රතු පැහැ ගනී. (තෙත් කලාපයේ
පස්)
උදා-
යම් පසක් කළු වර්ණය ගනී නම් එහි ඓන්ද්‍රීය ද්‍රව්‍ය
වැඩිය. නමුත් වර්ණය පදනම් කොටගෙන
යම් පසක් පිලිබදව තීරණයකට එළබීම එතරම් සුදුසු නොවේ. එනම් නිවර්තන
උෂ්ණ අක්ෂාංශ ප්‍රදේශ වල 3% ටත් වඩා අඩු
ඓන්ද්‍රීය ද්‍රව්‍ය ඇති පස් කළු පැහැ වන නිසාය.
වයනය
මෙයින් අදහස් වන්නේ පසේ අඩංගු
අංශුන්ගේ ප්‍රතිශතය අනුව පස හදුනා ගැනීමයි.
උදා-
මැටි 50%
වැලි 30%
රොන්මඩ 20%
මේ සදහා පසේ කණිකාවල ස්වභාවය
වැදගත් වේ. කණිකාවල විශාලත්වය ඉතා කුඩා
මැටි ප්‍රමාණයේ සිට විශාල පාෂාණ කැබලි දක්වා වෙනස් වේ. කණිකාවල
විශාලත්වය පසේ රසායනික ක්‍රියාවලිය කෙරෙහි බලපානු ලැබේ. මේ නිසා 2mm ට වඩා කුඩා
ඒවා වැදගත්ය. ඒවා ඛාණ්ඩ තුනකට බෙදා වෙන්
කළ හැකිය.
i. මැටි - 0.002 mm
ii. වැලි - 0.6mm-2.0mm
iii.සිල්ට් - 0.002mm-0.06mm
ව්‍යුහය
පසක වැලි මැටි හා
රොන්මඩ යන මූලික අංශු එකතු වී කැටිති සාදයි. මෙම කැටිති වල ස්වභාවය
පසේ ව්‍යුහය පෙන්වීමයි. මේ අනුව පසේ එක් එක්
ව්‍යුහ 5ක් දක්නට ලැබේ.
i. කැටිති
ii. තැටි
iii. කුට්ටි
iv. ප්‍රිස්මාකාර
v. ස්ථම්භාකාර
රසායනික ගුණාංග
පසේ රසායනික ගුණාංග ඉතාම වැදගත් වන්නේ ජෛව ස්කන්ධ වලටය. එනම් පැළෑටි
වර්ධනය වීම සදහාය. පැළෑටි ආහාර ලබා ගන්නේ පසෙනි. මේ නිසා පසේ පෝෂණය ඉතා වැදගත්ය. පැළෑටි ආහාර ලබා
ගැනීමේදී ආහාර කොටස් දෙකකි.
i. මහේක්ෂ මූලද්‍රව්‍ය
ii. ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය
මහේක්ෂ මූලද්‍රව්‍ය
මේවා පැළෑටි වලට විශාල වශයෙන් අවශ්‍ය වේ.
උදා- නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම්, කැල්සියම්
ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය
මේවා පැළෑටි වලට අවශ්‍ය වන්නේ සුළු වශයෙනි.
උදා- යකඩ, තඹ, බෝරෝන්, මොලිබ්ඩිනම්
පසේ රසායනික ගුණය පිළිබදව සාකච්ඡා
කිරීමේදී ආම්ලිකතාවය ඉතා වැදගත්ය. ආම්ලිකතාවය තීරණය වන්නේ පසේ අඩංගු හයිඩ්‍රජන් සාන්ද්‍රණය
අනුවය. ආම්ලික පරිමාණය මැනීම සදහා PH පරිමාණය යොදා ගනී. මෙය 1.0-14.0 දක්වා පරාසයක විහිදේ. PH අගය 6.5ට අඩු වූ විට පස ආම්ලික ලෙසද 7.5ට වැඩි වූ
පට්ට
ReplyDelete🙏
ReplyDelete🙏
ReplyDelete🙏🙏❤️
ReplyDelete😊😊
ReplyDelete