පාංශු පැතිකඩ
පස අධ්‍යනය කීරීමේදී
පාංශු පැතිකඩ ඉතා වැදගත්ය. පාංශු පැතිකඩක් යනු
කාලයක් තිස්සේ පහළ සිට ඉහළට වර්ධනය වූ පසක දක්නට ලැබෙන තට්ටු ස්ථරයයි. පාංශු පැතිකඩ ඇදීමේදී
අප එහි තට්ටු රේඛාවකින් වෙන් කරනු ලබයි. මෙය නිවැරදි නොවේ. ඊට හේතුව වන්නේ පාංශු
මහලක් එවැනි ස්වභාවයකින් නිර්මාණය වී නොවීමයි. මෙහිදී සිදුවන්නේ එක්
මහලකින් තවත් මහලකට සිදුවන ක්‍රාන්ති වීමයි.
O මහල
මය පසේ ඉහළම කලාපයයි. අලුතින් එකතු වූ කොළ, පැළෑටි,සහ වෙනත් ද්‍රව්‍ය
වලින් මෙය නිර්මාණය වී ඇත. මේවා පස අභ්‍යන්තරයට
යන විට ජීර්ණය මගින් වෙනස් කරනු ලැබේ. ඒවා හ්‍යුමස් ලෙස
හැදින්වේ.
A මහල
ෙමම මහලේ ඓන්ද්‍රීය ද්‍රව්‍ය
වැඩි වශයෙන් අඩංගු වේ. මෙම මහල අදුරු වර්ණයක් ගනී. ගැඹුරට යන විට ඓන්ද්‍රීය
ද්‍රව්‍ය ක්‍රම ක්‍රමයෙන් අඩු වේ.
B මහල
ෙමම මහලේ ඓන්ද්‍රීය ද්‍රව්‍ය
A මහලේ තරම් නැත. A මහලට වඩා ලා වර්ණයක් ගනී. A මහලෙන් ඉවත් වන ලවණ වර්ග සහ මැටි මෙහි දක්නට
ලැබේ.
C මහල
මව් පාෂාණීය ද්‍රව්‍ය
වලට සමාන වේ. මව් පාෂාණ ජීර්ණය වීමෙන් සහ පිටතින් ලැබෙන
ද්‍රව්‍ය වලින් මෙය නිර්මාණය වී ඇත.
පාංශු පැතිකඩක් පරිසරයට ඉතා
වැදගත් වන්නේ ජෛව ස්කන්ධ වලට එය පෝෂණය ලබා දෙන නිසාය. පාංශු පැතිකඩක සීමා
කීපයක් ඇති බව ඉහත රූප සටහන් වලින් පැහැදිලි වේ. මෙම පස් පැතිකඩේ ඉහළ
සීමාවෙන් සහ පහළ සීමාවෙන් යම් යම් මූලද්‍රව්‍ය පසය එකතු වේ. ඉහළ සීමාවෙන් එන්ද්‍රීය
ද්‍රව්‍ය එකතු වන අතර පහළ සීමාවෙන් ඛනිජ ද්‍රව්‍ය එකතු වේ. මේවායින් පසට පෝෂ්‍ය
ද්‍රව්‍ය ලැබේ.
පසේ මතුපිට ජීවත් වන ජීවීන්, ක්ෂුද්‍ර ජීවීන් සහ
පැළෑටි වල ආහාර වන්නේ ඉහළ මහලේ ඇති ඓන්ද්‍රීය ද්‍රව්‍යන් වේ. මේවා බැක්ටීරියා, දිලීර සහ කුඩා සතුන්
මගින් වියෝජනය වේ. මෙම ක්‍රියාදාමය නිසා පසට මූලද්‍රව්‍ය එකතු
වේ. මේවා අතර රසායනයන් සහ වායු වර්ග ප්‍රධාන වේ. මෙම මූලද්‍රව්‍ය අතර
නයිට්‍රේට්, කැල්සියම්, පොටෑසියම් හා පොස්පේට්
වැදගත් වේ. මේවා පසේ අඩංගු පොෂ්‍ය පදාර්ථ ද වේ.
පසට ඉහළ සීමාවෙන් මෙන්ම පහළ
සීමාවෙන්ද පෝෂ්‍ය පදාර්ථ එකතු වේ. පහළ කොටසින් එකතු වන
ඛනිජ ද්‍රව්‍ය පාෂාණ කැබලි ජීර්ණය වීමෙන් ලැබේ. මෙහි ප්‍රතිඵලය වන්නේ රසායනික ද්‍රව්‍ය පසට එකතු වීමයි. අවසානයේ මේවා පසේ පෝෂ්‍ය පදාර්ථ බවට පත් වේ.
උදා- පොටෑසියම්, කැල්සියම්, පොස්පේට්
No comments:
Post a Comment