ශ්‍රී ලංකාවේ පස්


                    ශ්‍රී ලංකාවේ පස් හා ඒවායේ ව්‍යාප්තිය අධ්‍යනය කීරීමේදී ඉතා වැදගත් වන්නේ F.R.මුවර්මන් හා C.R.පානබොක්කේ යන අයයි. 1961 වර්ෂයේදී මොවුන් විසින් ඉදිරිපත් කළ පාංශු වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාංශු වර්ග 7ක් හදුනාගෙන ඇත.


        i.  රතු දුඹුරු පස

  ii. චූර්ණමය නොවූ දුඹුරු පස

  iii. රතු දුඹුරු ලැටරයිට් පස

  iv.රතු කහ පොඩ්සෝලික් පස

   v. රතු කහ ලැටසෝල් පස

   vi. දියලු පස් හා රොගොසෝල පස

  vii. සොලඩයිස් සොලනේට්ස් හා සොලන්ඩක්ස්

                 

ශ්‍රී ලංකාවේ පස් අධ්‍යනය කීරීමේදී ඒවා දේශගුණික කලාප අනුව අධ්‍යනය කිරීම වැදගත් වේ. ශ්‍රී ලංකාව ප්‍රධාන දේශගුණික කලාප 3කට බෙදා දැක්විය හැක.

                      i. වියළි කලාපය

        ii.තෙත් කලාපය

        iii.අතර මැදි කලාපය


      ශ්‍රී ලංකාවේ පාංශු නිරීක්ෂණයේදී විවිධ ගැටළු මතු වේ. එනම් වියළි හා තෙත් කලාපය

පහසුවෙන් හදුනාගත හැකි වුවත් අතර මැදි කලාපයේ පස් හදුනාගැනීම අපහසු වේ. ඊට හේතුව වන්නේ තෙත් හා වියළි කලාපය තුළ ඇති පස් අතර මැදි කලාපයේ දක්නට ලැබෙන නිසාය.


තෙත් කලාපයට සීමා වූ පස්

1) රතු දුඹුරු ලැටසෝල්ස් පස

2) රතු කහ පොඩ්සොලික් පස

3) තණ බිම් පොඩ්සොලික් පස

4) ගොහොරු හා අර්ධ ගොහොරු පස


වියළි කලාපයට සීමා වූ පස්

1) රතු දුඹුරු ප

2) ක්ෂාරීය නොවූ දුඹුරු පස

3) රතු කහ ලැටසෝල්ස් පස

4) ග්‍රැමුසෝල්ස් පස

5) අපරිණිත දුඹුරු ලොම් පස

6) ක්ෂාරීය හා ලවණ පස


වියළි හා තෙත් කලාප දෙකේ ඇති පස්

1) දුර්වල ජල වහනයක් පවතින හියුමික් පස

2) දියළු පස

3) රොගොසොල්ස් පස



No comments:

Post a Comment