පාංශු ඛාදනය ආකාර දෙකකින් යුක්තය.
1) භූ විද්‍යාත්මක ඛාදනය- ජලය හා සුළං මගින්
2) ත්වරිත ඛාදනය- කෙටි කාලයකදී මිනිස් ක්‍රියාවන් නිසා පසේ සාරවත් බව නැති වීම
පාංශු ඛාදනය කෙරෙහි බලපාන සාධක:-
1) වර්ෂාපතනය හා මතුපිට අධිදාවිතය
2) බෑවුම් අනුක්‍රමණය හා බෑවුම් තීව්‍රතාවය
3) බෑවුමේ දිග
4) භූමි ආවරණය හා කළමණාකරණය
පාංශූ ඛාදනයට හේතුවන ප්‍රධාන ස්වාභාවික සාධක:-
1) අධික වර්ෂාපතනය
2) නාය යෑම
3) ජල ගැලීම්
4) වෙරළ ඛාදනය
5) සුළං ඛාදනය
6) පසේ ස්වභාවය
7) අධික උෂ්ණත්වය
8) පසේ පෝෂණ ගුණය නැති වීම
පාංශූ ඛාදනයට හේතුවන මානුෂ සාධක:-
1) සල ගොවිතැන
2) වතු වගාව
3) සංවර්ධන ව්‍යාපෘති
4) ආකර කර්මාන්ත
5) වෘක්ෂලතා ඉවත් කිරීම
6) නිවාස හා ගොඩනැගිලි ඉදි කිරීම
7) භූමිය මත යැපෙන ජන සංඛ්‍යාව වර්ධනය වීම
8) වනාන්තර ගිනි තැබීම
9) ජන සංඛ්‍යාව වර්ධනය වීම
10) එඩේර පාලනය
11) බහු ජාතික සමාගම් ක්‍රියාකාරීත්වය. උදා- දුම්කොළ සමාගම්
12) බිම් නිසි ලෙස කළමනාකරණය නොකිරීම
පාංශු ඛාදනය නිසා පසේ ඇති විය හැකි වෙනස්කම්:-
1) පසේ ඉහළ ස්ථරය විනාශ වීම හෙවත් ඉවත් වීම
2) පස මතුපිට වෘක්ෂලතා ඉවත් වූ විට පසට එකතු වන ඓන්ද්‍රීය ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වීම
3) පස මතුපිට වෘක්ෂලතා විනාශ වීම නිසා පසට විශාල වශයෙන් ජලය එකතු වී අවසානයේ නාය යෑම
4) පස තුළට ජලය කිදා බැසීම දුර්වල වී පස තුළ ජල ගබඩා ආවරණය වීම
5) ආපධාව වේගවත් වීම මගින් පස සෝදා ගොස් ගංගා නිම්න ගොඩ වී ගංවතුර තර්ජන ඇති වීම
පාංශු ඛාදනය වැළැක්වීම සදහා යොදාගත හැකි පිළියම්:-
1) සමෝච්ච රේඛා ක්‍රමයට කාණු කැපීම
2) සමෝච්ච රේඛා ක්‍රමයට ගල් වැටි සැකසීම
3) සමෝච්ච රේඛා ක්‍රමයට වගා කිරීම
4) මුල් ගැඹුරට විහිදෙන ශාක වර්ග වගා කිරීම. උදා- ඇල්බීසියා, එරබදු
5) ඇතැම් බෝග වගා කිරීම තහනම් කිරීම. උදා- දුම්කොළ
6) ජනතාව දැනුවත් කිරීම
7) නීති රීති පැනවීම හා වර්තමානයට ගැළපෙන ලෙස ක්‍රියාත්මක කිරීම
8) උචිත ජන සංඛ්‍යා ප්‍රතිපත්ති අනුගමනය කිරීම
9) භූමිය මත යැපෙන අයට වෙනත් ජීවනෝපාය මාර්ග හදුන්වා දීම
10) සල ගොවිතැන හා එඩේර පාලනය සදහා ස්ථිර කාර්මික ක්‍රම හදුන්වා දීම
11) වෘක්ෂලතා ව්‍යාපෘති ආරම්භ කිරීම
12) බෑවුම් සහිත භූමියක තනි වගාවට වඩා බහු බෝග වගාව සිදු කිරීම
සර්ව පාංශු සමීකරණය:-
A = RKLSCP
A - පාංශු ප්‍රමාණය
R - පාංශු ඛාදන ප්‍රමාණය
K - වර්ෂාපතනය හා මතුපිට අධිදාවිතය
L - බෑවුමේ දිග
S - බෑවුම් අනුක්‍රමණය හා බෑවුම් තීව්‍රතාවය
C - භූමි ආවරණය හා කළමනාකරණය
P - පාංශූ ඛාදනය වැළැක්වීමේ ක්‍රම
·
RKCS යන සාධක අධීක ලෙස ක්‍රියා කිරීම නිසා පාංශු ඛාදනය වැඩි වේ.
CP සාධක වල දුර්වලතාව හේතුකොට ගෙන පාංශු ඛාදනය වැඩි වේ.
very good note good lack😋😋
ReplyDelete👍
ReplyDeleteThank you 😍
ReplyDeleteThanks
ReplyDelete